සංවාදයක ඇරඹුම෴

ආයුබෝවන්! අදින් ඇරඹෙන “සංවාද මණ්ඩපය” වෙත සාදරයෙන් පිළිගනිමි.

මෙය මගේ අවකාශය නොවේ; මෙය ඔබේ අවකාශයයි.

සංවාද මණ්ඩපය යනු?
සංවාද මණ්ඩපයේ සතිපතා(සෑම ඉරිදාවකම) “සංවාදයට බඳුන් වීම සඳහා” මාතෘකාවක් ඉදිරිපත් වෙයි. එම මාතෘකාව ඔස්සේ සංවාදය ඉදිරියට ගෙන යන්නේ පාඨක ඔබයි. වෙනත් බ්ලොග වල මෙන් ලියන්නාගේ ලිපියක් සඳහා කියවන්නන් මත පල කිරීමක් මෙහි නැත. මෙහි කියවන්නා යනු ලියන්නාද වෙයි. එනිසා මෙය ඔබේ අවකාශයයි. මෙහි ලිපිය ලියන්නේ කියවන ඔබයි. ඉදිරි සති වලදී සංවාද මණ්ඩපය තුල සංවාදයට බඳුන් කිරීමට නියමිත මාතෘකා පැති - තීරුවේ(sidebar) පෙන්නුම් කරයි. ඉදිරියේදී සංවාදයට බඳුන් විය යුතු නමුත් මෙහි ඇතුලත් කර නොමැති මාතෘකාවක් සඳහා ඔබට යම් අදහසක් ඇත්නම් එය sanwada@gmail.com වෙත එවන්න.

සංවාද මණ්ඩපයේ අරමුණ
අද සමාජය කිසිම දෙයක් ගැන ස්වල්ප හෝ සංවාදයක් නොමැතිව “ඔහේ” ගලා යයි. ඒකාකාරී ජීවිත ගතකරන මිනිසුන් ඔවුනොවුන්ට උවමනා දේ කරති; තවත් සමහරු තවකෙනෙකුට උවමනා දේ කරති. නමුත් කල යුතු දේ බොහොමයක් මගහැරී ඇත. සමාජයේ සංවාදයට බඳුන් විය යුතු බොහෝ දේ මුල්ලකට තල්ලු වී ඇත. එක් ක්ෂේත්‍රයකට කොටු නොවී සමාජය, ආර්ථිකය, විද්‍යාව, තාක්ෂණය, කලාව, සාහිත්‍යමය ආදී මෙකී නොකී සියලු ක්ෂේත්‍ර තුල එම හිදැස දක්නට ඇත. එනිසා මේ වෑයම එවන් මගහැරුණු සංවාද වලට ඉඩක් ලබා දීමයි.

ආරාධනය
ගොන්පාට්, මෝඩ ජෝක්, මඩගැසීම්, ප්‍රචාර නැති
විචාරශීලී, අන් මත ඉවසන, ඒකාධිපති තනි මතයට වඩා සංවාදයට කැමති
සියලු මනුෂ්‍යයින් සඳහායි෴

3 comments:

  1. හොදයි පටන් ගමුකො බලන්න

    ReplyDelete
  2. ඒකත් හොඳ අදහස. අමු දේශපාලන සංවාද නැතුව හරවත් සංවාදයක් ගොඩ නැගෙයි නම් අපෙන් උපරිම දායකත්වය!

    ReplyDelete
  3. හොඳ වැඩක්... වාදයට වඩා සංවාදය හොඳයි කියන එක විචාර බුද්ධිය තියන කොයි කවුරු වුනත් අවිවාදයෙන් පිලිගන්න කරුනක්... අපිත් කැමතියි කතිකාවතකට එකතුවෙන්න...

    ReplyDelete